පසුගිය මහ කන්නයේ දී මෙරට ගොවීන් ඉහළම වී අස්වැන්නක් රටට ලබාදීලා

ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නියෝජිතවරිය හමුවූ අවස්ථාවේ දීයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ අසුසා කුබෝටා පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමු වී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබු පියවර ඇය විසින් මෙහිදී අගය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත්, එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ද වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ජපාන රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වාදීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ශණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46