පස් හැවිරිදි දරුවා මහ මඟ තනිකර මව සහ බාප්පා පළාගිහින්

මහ මඟ දමාගොස් සිටිය දී සොයා ගන්නා ලද කුඩා දරුවෙක් කුට්ටිගල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස මහ මඟ දමාගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 05ක පිරිමි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සිය මව සහ බාප්ප්පා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් තමන් මෙලෙස මහ මඟ දමා ගිය බවයි.

දරුවාට පහර දී තුවාල සිදුකර තිබීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරුව දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දරුවා මෙලෙස මහ මඟ දමාගිය යුවළ සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බවයි කුට්ටිගල පොලිසිය සඳහන් කළේ.

මොවුන් මීට පෙර බෝගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මවගේ දෙවැනි විවාහයෙන් පසු මෙම පිරිස ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස පිහිටි නිවසක පදිංචියට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවාගේ මවගේ දෙවැනි කසාදයෙන් තවත් දරුවෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

මවගේ දෙවැනි විවාහයේ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට පිහිටි ත්‍රීරෝද රථගාලේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන්.

මේ වනවිට දරුවාගේ මව සහ දෙවැනි විවාහයේ පුද්ගලයා ඔවුන්ගේ දරුවා ද රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකළ දරුවා ප්‍රථිකාරවලින් අනතුරුව පරිවාසය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50