මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘පන්නිපිටියේ නිසංසලා’ නමැත්තිය මත්ද්‍රව්‍යය සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (19) පෙරවරුවේ සැකකාරිණිය විශේෂ කාර්‍යය බලකාය කළ වැටලීමක දී අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.
වැටලීමේ දී සැකකාරිණිය සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 66කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.
ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 5ක් ද සොයාගැනුණු බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.










