පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙනවා.
කොළොම්තොට එක්සත් වෙළඳ සංගමය ඇතුළු පදික වෙළෙඳ සංගම් නියෝජිතයන් පිරිසක්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බවයි සාගල රත්නායක මෙහිදී සදහන් කළේ.
පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත් ඒවාට නිසි විසඳුම් ලබාදීමට කමිටුවක් පත්කරන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද මෙම සකච්ඡාව සඳහා සහභාගී වුණා.













