spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙලුම් කුලුනේ අද දින වාර්තාගත ආදායම

කොළඹ නෙළුම් කුලුන අද ජනතාවට විවෘත කෙරුණා. ඒ අනුව අද දින එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා වන්නේ.

අද සිට දෙස් විදෙස් ජනතාවට නෙලුම් කුලුණේ අත්දැකීම් විදගන්නට අවස්ථාව උදාවෙනවා.දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙලුම් කුලුණේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 113ක් වන අතර අඩි 1150ක් ඉහළ අහසට එසවුණු නෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වුණා.

අද පස්වරු 2ට නෙලුම් කුලුණ ජනතාව සඳහා නිල වශයෙන් විවෘත කෙරුණා.රුපියල් 500ක හෝ 2000ක වටිනාකමකින් යුත් ටිකට් පතක් මිලදී ගෙන ජනතාවට නෙලුම් කුලුණ නැරඹීමට අවස්ථාව හිමිවුණා.අදාළ ටිකට්පත් නෙලුම් කුලුණ පිවිසුමෙන් මිලදී ගත හැකි අතර විදේශිකයන් අමෙරිකානු ඩොලර් 20ක ටිකට් පතක් මිලදී ගත යුතුයි.සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 11.00 දක්වාත් සති අන්තයේ මධ්‍යහ්න 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නෙලුම් කුලුණ ජනතාවට විවෘතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
132
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?