නිවසක තනිව සිටි කාන්තාවක් අබිරහස් ලෙස මියයයි

ඌව පරණගම පට්ටියකුඹුර ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ කාන්තාවක් අබිරහස් ලෙස නිවස තුළ මියගොස් තිබෙනවා.

ඇය පිළියන්දල ප්‍රදේශයේ සිට මීට වසර දෙකකට පමණ පෙර පට්ටියකුඹුර ප්‍රදේශයට පැමිණ තනිව ජීවත් වූ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් දින කිහිපයක සිට කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් අසල්වාසීන් නිවස පරීක්ෂා කිරීමේදීයි සිරුර හමුවී ඇත්තේ.

මළ සිරුර එම කාන්තාව ජීවත් වූ නිවසේ තිබූ බඩු භාණ්ඩ ද තැන තැන විසිර ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

වැලිමඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර බදුල්ල මහ රෝහලට යොමු කර තිබෙනවා.

අදාළ නිවසේ බිත්තියක කිසියම් ලිපියක් ද ඇති අතර එය පසුගිය මාර්තු මස 25 වනදා ලියූ එකක් බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40