spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසක ගින්නකින් කාන්තාවක් පිළිස්සී මරුට

කලවංචිකුඩි පොලිස් වසමේ මාන්කඩුව ප්‍රදේශයේ පිහිටි නිවස ඇති වූ හදිසි ගින්නකින් එම නිවස තුළ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (07) දහවල් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

අදාළ කාන්තාව ඇවිදීමට නොහැකිව නිවසේ ඇඳක් මත සිටි 74 හැවිරිදි තැනැත්තියක් බවයි තොරතුරු වාර්තා වුණේ.

නිවසේ දල්වන ලද දුම් තැටියක් ඇඳ ආසන්නයේ තබා ගනිමින් නිදාගෙන සිටිය දී මෙම ගින්න හටෙගන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මඩකලපුව රෝහල වෙත යොමු කිරීමට කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?