නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක් : වාසු – විමල් සහ ගම්මන්පිලටත් ආරාධනා කරයි

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වටා එක් කරගැනීමට සූදානම් බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

පරිසර අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්ව සමග පෙළ ගැසෙමින් සිටින බවයි.

“ආණ්ඩුව පිළිබඳව මිනිස්සුන්ට කලකිරීමක් තියෙනවා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට.. ඒ පවුලේ සියලු දෙනාට විරුද්ධව කතා කරනවා. ආණ්ඩුවේ ඉන්න නිසා අපිටත් විරුද්ධව කතා කරනවා.මිනිස්සුන්ට ගෑස් ටික තෙල් ටික නැති වෙනකොට කේන්ති යනවා. එල්.ටී.ටී.ඊ එකෙන් ඇවිල්ලා ආණ්ඩුවට විරුද්ධව එන්න කිව්වත් ඒත් එයි. ජනතාව ඒ තරම් කේන්තියකින් ඉන්නේ.”

“ආණ්ඩුවේ හිටියට එළියට බහිනකොට 14 දෙනාම එළියට බහිනවා. එහෙම තමයි අපි ඉන්නේ. මේක හොඳ නැත්තම් අලුතෙන් හරි පෙරමුණක් හදන්න එපැයි. අපි අනිවාර්යයෙන් අපේ සන්ධානයට විමල්, වාසු, ගම්මන්පිල ඒ ඉන්න සියලුදෙනා.. පක්ෂ 11ම ඉතාම වැදගත්. ඒ අයට අපි ආරාධනා කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය. ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුත් කිහිපදෙනෙක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරගෙන. දිනේෂ්, තොණ්ඩමන්, අතාවුල්ලා, ඩග්ලස්..මේ ඔක්කොම අපි එකට එකතු කරගන්නවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40