spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් සහල් මිල ඉහළ යන ලකුණු

ඔක්තෝබර් 1වැනිදා සිට  සහල් කිලෝවකට සියයට දෙක හමාරක සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී තිබෙන බවත්, මේ නිසා සහල් කිලෝවට අදාළ බදු මුදල එකතු කිරීමට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවද ඔහු පැවසීය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන ඇතැයිද සභාපතිවරයා පැවසීය.ඉකුත් 2020.21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදුවූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700 කට වඩා වැසී ගොස් ඇති බවත්, මහා පරිමාණ සහල් මෝල්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් වැසී ඇති බවත්, ලබන වසරේ වී අස්වැන්න විශාල වශයෙන් වැඩි වන බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?