නැවතත් සහල් මිල ඉහළ යන ලකුණු

ඔක්තෝබර් 1වැනිදා සිට  සහල් කිලෝවකට සියයට දෙක හමාරක සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී තිබෙන බවත්, මේ නිසා සහල් කිලෝවට අදාළ බදු මුදල එකතු කිරීමට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවද ඔහු පැවසීය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන ඇතැයිද සභාපතිවරයා පැවසීය.ඉකුත් 2020.21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදුවූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700 කට වඩා වැසී ගොස් ඇති බවත්, මහා පරිමාණ සහල් මෝල්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් වැසී ඇති බවත්, ලබන වසරේ වී අස්වැන්න විශාල වශයෙන් වැඩි වන බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11