නැතිබැරි කමට සිදුකළ සොරකමට සමාව දුන් ඔස්ට්‍රේයානු යුවළ

මහනුවර කාන්තාවක් විසින් සොරකම් කළ බව කියන ඔස්ට්‍රියානු ජාතික යුවලකට අයත් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් කැමරාවක් සිද්ධියෙන් පැය 24ක් යන්නට මත්තෙන් සොයා ගැනීමට මහනුවර පොලිස් සංචාරයක ඒකකය සමත් වී තිබේ.

මෙරට සංචාරයකට පැමිණි මෙම යුවළ යතුරුපැදියකින් බහිරවකන්ද විහාරස්ථානයකට ගොස් පෙරේදා (19) රාත්‍රියේ මහනුවර නගරයට පැමිණ ඇත

කොටුගොඩැල්ල වීදියේ කතරගම දේවාලයේ ඉදිරිපිට බැම්මක ඔවුන් සිය කැමරා සහිත බෑගය තබා වෙළඳසැලකට ගොස් ඇත එම අවස්ථාවේ කවුරුන් හෝ ඇගේ සොරාගෙන ඇති බවට විදේශීය විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව පොලීසිය විසින් අවට පිහිටි ව්‍යාපාරික ස්ථානවල සවි කර තිබෙන CCTV කැමරා පද්ධති පරික්ෂා කර ඇත. නගරය පවිත්‍ර කරන කම්කරු කාන්තාවක් කැමරාව සහිත බෑගය කසල කරත්තයක දමා රැගෙන යන අයුරු එහි සටහන්ව තිබි ඇත.

කැමරා බෑගය යළි ලබා දෙන ලෙස පොලීසිය පවසා ඇතත් තමන් බෑගයක් නොගත් බව ඇය පවසා තිබේ. ඉන් අනතුරුව CCTV දර්ශන පෙන්විමෙන් පසු ඇය සිදු කල වරද පිළිගෙන ඇත.

පසුව පොලිසිය විදේශිය යුවල සමග තලාතුඔය ප්‍රදේශයේ පිහිටි එම කාන්තාවගේ නිවසට ගොස් එහි සඟවා තිබියදී කැමරාව සොයාගෙන තිබේ. එම බෑගයේ තිබූ රුපියල් 10,000 ක මුදලින් තමන් භාණ්ඩ මිලදී ගත් බවද කාන්තාව පවසා ඇත.

විදේශිය ජාතිකයා බැංකු කාඩ්පත් කසල ප්‍රවාහන ලොරියක දමා තේක්ක වත්ත කසල අංගනයට යවා ඇත යන ආවරණය වී තිබේ

මෙම සොරකම සම්බන්ධයෙන් එම කාන්තාවට සමාව දෙන ලෙසත් ඇයට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත් විදේශීය පොලිසියට දැනුම් දී ඇත

නැති බැරිකම නිසා ඇය මෙම සොරකම කර තිබෙන බවත් තමන්ට අවශ්‍ය කැමරා පමණක් බවත් මැතිව් හා බාබරා යන මෙම විදේශිය යුවල පොලිසියට පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43