spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාමල් රාජපක්ෂට එරෙහිව තිබු නඩුවට අද අධිකරණයෙන් දුන් තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි ඉදිරිපත්කර තිබු පැමිණිල්ලට අදාළව අද (21) වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවේය.

එහිදී සැකකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී සිටියේය.අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. ඒ අනුව මෙම නඩුව 2023 වර්ෂයේ පෙබරවාරි මස 01 වනදා නැවත කැඳවීමට ද අධිකරණය නියම කළේය.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පසුගිය යහපාලන රජය සමයේ නාමල් රාජපක්ෂ ට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?