spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නානුඔය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට

නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළ බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

මෙම අනතුරින් එකම පවුලේ 5 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 53 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරා ද වනවා. ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ නුවරඑළිය රෝහලේයි.

මේ අතර අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි සිසුන්ගෙන් 43 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් බස් රථ 14කින් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතවී යළිත් පැමිණෙමින් සිටියදීයි එක් බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබුණේ.

අනතුරට ලක්වූ බස් රථය සහ වෑන් රථය අද පොලිසිය දක්වා රැගෙන ගියා. මේ අතර මෙම අනතුරින් පසු නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?