නානුඔය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට

නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළ බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

මෙම අනතුරින් එකම පවුලේ 5 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 53 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථයේ රියදුරා ද වනවා. ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ නුවරඑළිය රෝහලේයි.

මේ අතර අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි සිසුන්ගෙන් 43 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් බස් රථ 14කින් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතවී යළිත් පැමිණෙමින් සිටියදීයි එක් බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබුණේ.

අනතුරට ලක්වූ බස් රථය සහ වෑන් රථය අද පොලිසිය දක්වා රැගෙන ගියා. මේ අතර මෙම අනතුරින් පසු නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19