නාගයා සිපගත් තරුණයා මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීම (වීඩියෝ)

තරුණයෙකු විසින් නාගයෙකු සිප ගැනීමට යාමේදී නාගයා අදාළ තරුණයාගේ තොලට දෂ්ඨකරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය මධ්‍ය නිකුත් කර තිබුණා.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ශිවමොග්ගා ප්‍රදේශයේ තරුණයෙකු නාගයෙක් සිප ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

මෙම අනතුරුදායක සිදුවීමට මුහුණ දුන් තරුණයා උරගයන් බේරාගන්නෙකු බවයි වාර්තා වන්නේ.

එලෙස ඔහු විසින් බේරාගත් නාගයෙකුයි සිපගැනීමට යාමේදී මෙලෙස දෂ්ඨකර ඇත්තේ.