spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

2024 වර්ෂයේ නව අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බවයි වාර්තා වන්නේ.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ, මෙම වැටුප් වැඩි කිරීමට අදාළ ව පෞද්ගලික අංශයේ ද වැටුප් ඉහළ දමන ලෙසට තමන් පෞද්ගලික අංශ වෙතින් ඉල්ලීමක් ද සිදුකර ඇති බවටයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ද දැනුම්දී තිබෙනවා.

මේ අතර පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවට දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා උද්ඝෝෂණ මාලාවක් මේ දිනවල දියත් වනවා.

අද දිනයේ දී කැකිරාව, පලුගස්වැව සේ ම නුවරඑළිය ප්‍රදේශයේ ද රාජ්‍ය සේවකයින් එක්ව වීදි බැස විරෝධතා පැවැත්වූවා.

ඒ සිය වැටුප රුපියල් 20,000කින් ඉහළ නංවන ලෙසට ආණ්ඩුවට බල කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?