නවසීලන්තයෙන් අයර්ලන්තයට ප්‍රබල ඉලක්කයක්

පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12 වටයේ අයර්ලන්තය සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ඇඩිලේඩ් හිදී පැවත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් අයර්ලන්ත පිළට හිමිව ඇති ඉලක්කය ලකුණු 186ක්.

අවසන් පූර්ව වරට පිවිසීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට තව දුරටත් රඳවා තබා ගැනීමට නම් මෙම තරගය අයර්ලන්ත කණ්ඩායම ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අයර්ලන්ත කණ්ඩායමේ වමත් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අද සමත් වුණා.

ඒ, කේන් විලියම්සන්, ජේම්ස් නීශම් සහ මිචෙල් සැන්ටර්ගේ කඩුලු පිට පිට දවා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ ගැටුමේ ඇසින් දුටු රැඳවියාගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:25
Video thumbnail
දරුවන් ඇතුළු සියලු දෙනාට Ceylon Green Life Plantation වගාබිම් නැරඹීමේ හැකියාව හැමෝටම විවෘත වෙයි
01:52
Video thumbnail
ප්‍රභාටත් කරගන්න බැරිවෙච්ච වැඩේ මේ ආණ්ඩුව කරන්න හදනවා
08:40
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි.. ළඟ ළඟ වාඩිවෙලා ඉන්න හැටි
01:02
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
04:47
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
01:08
Video thumbnail
අධිකරණ කටයුතු වේගවත් වෙන්නේ නෑ - කවුරුත් ඉල්ලපු නැති දෙයක් කරන්නේ
02:57
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11