spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයෙන් අයර්ලන්තයට ප්‍රබල ඉලක්කයක්

පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සුපිරි 12 වටයේ අයර්ලන්තය සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ඇඩිලේඩ් හිදී පැවත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 185ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් අයර්ලන්ත පිළට හිමිව ඇති ඉලක්කය ලකුණු 186ක්.

අවසන් පූර්ව වරට පිවිසීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට තව දුරටත් රඳවා තබා ගැනීමට නම් මෙම තරගය අයර්ලන්ත කණ්ඩායම ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අයර්ලන්ත කණ්ඩායමේ වමත් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අද සමත් වුණා.

ඒ, කේන් විලියම්සන්, ජේම්ස් නීශම් සහ මිචෙල් සැන්ටර්ගේ කඩුලු පිට පිට දවා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?