ධනුෂ්ක ගුණතිලකට අධිකරණයෙන් සහනයක්

ස්ත්‍රී දූෂණ චෝදනාවක් හේතුවෙන් මාස 8කට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක් හිමිවී තිබෙනවා.

ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනම තවදුරටත් පවතින අතර ඇප කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු ඔහුට දේශීයව සංචාරය කිරීමට අවසර හිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් ලෙසටයි.

ඔහු අඟහරුවාදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී තමාගේ ඇප මත ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

පසුගිය වසරේ T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටියදී සිඩ්නි නුවර නිවසක් තුළදී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට යාමට සූදානම්ව සිටියදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔහුට රට හැර යාම වළක්වමිනුයි නියෝග නිකුත් කෙරුණේ.

පසුව දැඩි කොන්දේසි සහිතව නොවැම්බර් 17 වැනි දින ඔහුට ඇප නියම වුණා.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට ඇප කොන්දේසි වෙනස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මේ සතියේ දින හතරකට සහ මාසය අවසානයේ දින හතරකට ගුණතිලකට අවසර දීමටයි වැඩ බලන විනිසුරු ග්‍රේම් හෙන්සන් එකඟ වී ඇත්තේ.

ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමඟ අවම වශයෙන් පැය 48කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව අධිකරණය නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, ධනුෂ්ක ගුණතිලක තවමත් සතියකට දින තුනක් පොලිසියට වාර්තා කළ යුතු අතර අවසර හිමිවී ඇත්තේ එක් ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීමට පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59