දේශපාලනය, සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නෙවෙයි – අගමැති එංගලන්තයේ දී කියයි

දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බවත් රාජ්‍ය පාලනයේදී ගනු ලබන සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ මගින් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (19) සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සර සඳහා පැවැති සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළා.

පෙරේදා ( 18) පස්වරුවේ මෙරටින් පි⁣ටත්ව ගිය අග්‍රාමාත්‍යතුමිය ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

හිත්‍රෝ ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඒ සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා, එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

අනතුරුව අද (19) උදෑසන, බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අනු ජෝෂි, මහාචාර්ය මික් මුවර් සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් පිළිගනු ලැබුණා.

එහි පැවැති ප්‍රසිද්ධ රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව පැහැදිලි කළාය. මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග පිළිබඳව මෙහිදී අවධාරණය කළා.

එසේම, වැටුප් ලබන සහ නොලබන රැකවරණ සේවාවන්, ජාතික ආර්ථිකයේ මධ්‍යම සංරචකයක් ලෙස හඳුනාගැනීමට රජය දක්වන ප්‍රතිපත්තිමය අවධානය සහ රැකවරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ගෙන් සිදුවන දායකත්වය ද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් වුණා.

අනතරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ විශේෂ දේශනයකට සහභාගී වීමට නියමිතයි.

විද්වතුන් සහ සිසුන් සමඟ පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවකට හා එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මිය, අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson) මහත්මිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ශර්ලි අයෝකෝ බොච්වේ (Shirley Ayorkor Botchwey) ඇතුළු එක්සත් රාජධානියේ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් රැසක් හමුවීමට ද නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15