දේවාරූඪයෙන් ලෙඩ රෝග සුවකරන බව පවසා දැරියක් කෙලෙසූ කපුවාට වැඩ වරදියි (ඡායාරූප)

බෙන්තොට, කහගල්ල, වඩුමුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් ශරීරය අභ්‍යන්තරයේ ලෙඩ සුවකරන බව කියමින් බාලවයස්කාර දැරියකට ලිංගික හිංසන සිදුකළ කපුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුවාමෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ ශරීරය පුරා ඉඳිකටුවලින් ඇණ සැකකාර කපුවා විසින් මෙලෙස ලිංගික හිංසන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය විසින් අද (09) අත්අඩංගුවට ගැනුණු සැකකාර කපුවා 40 හැවිරිදි විවාහකයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇති දැරිය සිය මව හා නැන්දණිය සමඟ බෙන්තොට, වඩුමුල්ල ප්‍රදේශයේ පිහිටි දේවාලයට පැමිණ ඇති අතර, දැරියගේ පියා කලක සිය මෙම කපුවා හඳුනන බවයි අනාවරණය වී ඇත්තේ.

එම විශ්වාසය මත දැරියට ඇතැයි කියන ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කරදීමට දෙපාර්ශ්වයම එකඟ වී කපුවා අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පසුව මොවුන් බෙන්තොට ප්‍රදේශයේ පිහිටි දේවාලයට ගෙන්වා ඇති බවත් එහිදී එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දියහැකි කිසියම් රෝගයක් තිබෙන බවත් එය දේව මණ්ඩලයේ නියමය පරිදි සුවකර දිය හැකි බවත් පවසා තිබෙනවා.

ඒ, අනුව දෙස සුවකරන මුවාවෙන් සැකකරු විසින් දැරියට වද හිංසා කර ඇති බවයි හෙළිව ඇත්තේ.

පසුව මේ සම්බන්ධයෙන් දැරිය සමඟ ඇගේ පියා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමෙන් පසු සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ලිංගික හිංසනයට ලක්ව ඇති දැරිය කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේ දී අනාවරණ වී ඇත්තේ දැරිය සිය මව හා නැන්දනිය සමඟ මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මාස දෙකක් පමණ කලක් වාසය කර ඇති බවත්, එම කාලය තුළදීත් සැකකාර කපුවා එම ප්‍රදේශයට ගොස් දැරිය සුවකරන මුවාවෙන් විවිධ හිංසන සිදු කර ඇති බවටයි.

අත්අඩංගුවට ගත සැකකාර කපුවා දරුවන් දෙදෙනකුගේ පියෙකු වන අතර, මිට පෙරද දේවාලයේ සිදුකරන ලද විවිධ යාගහෝම වලින් මිනිසුන් මුලාකර මුදල් වංචා කර ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05