දුම්රියේ යන කතුන්ගේ රන්මාල කොල්ල කෑ අයෙක් ගම්පහ දී අල්ලයි

දුම්රියේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළබැඳි රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

ගම්පහ කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරී පිරිසක් විසින් මොහුව ඊයේ (24) ගම්පහ දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 28 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාල දෙකක් උණුකර තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඒවායේ බර ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 410ක් වන අතර, සැකකරු අද (25) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්