දුම්රියට පැන සියදිවි නසාගැනීමක්

ඊයේ (15) දින දහවල් කාලයේදී ගල්ගමුව පොලිස් වසමේ අඹන්පොල හා ගල්ගමුව අතර දුම්රිය මාර්ගයේ 9714 කණුව ආසන්නයේදී දුම්රියට ගෙල තැබීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 62 ක් වන දේවගිරිපුර , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ගල්ගමුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.