දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින ආධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

ඒ, අනුව මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම මතුව ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස ද දැනුම් දෙනවා.

NBRO Warning 2022 748x1024 1