දියේ ගිලී අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළට – තඹුත්තේගමදී ඊයේ තවත් දෙදෙනෙක් වතුරට බිලි

තඹුත්තේගම, නල්ලච්චිය ජලාශයේ වම් ඉවුරෙන් ජලය ගලා බසින ඇල මාර්ගයේ මංකඩක් තුළ පිරිමි මළසිරුරු දෙකක් තිබී පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 19 හා 30 යන වයස්වල පසුවූ, බැඳිවැව සහ තිඹිරිගස්කඩවල යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා දියනෑමට ගොස් සිටිය දී මෙලෙස මෙම අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා තඹුත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර පසුගිය 12 වනදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් අහිමි වූ ජීවිත ගණන 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !