දින දෙකකට වඩා උණ නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න – ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්

2026 වසර තුළ පමණක් ඊයේ (18) දිනය වන විට ඩෙංගු රෝගීන් 29,589ක් වාර්තා වී ඇති බවත්, ඒ අතරින් රෝගීන් 15 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පවසනවා.

ඒ අතරින් වැඩිම රොගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ දී හඳුනාගෙන ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

දිස්ත්‍රික්ක 25 පුරාවටම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර ඒ අතරින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බවයි ඇය සඳහන් කළේ.

මේ දිනවල දී කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් බෝවිය හැකි ස්ථාන වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බවට පෙන්වා දුන් වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර කියා සිටියේ තම නිවෙස් අවට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතී නම් එම ස්ථාන විනාශ කරන ලෙසයි.

එමෙන්ම යම්කිසි අයෙක්ට දින දෙකකට අධිකව උණ රෝගය, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂන පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී අදාළ පර්යේෂණයන් සිදුකර ගැනීම වැදගත් බවයි වෛද්‍ය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15