බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුත්‍රයෙකුට පියා විසින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම ප්‍රදේශයේ දී ඊයේ (05) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විසිපස් හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා සිය මව, පියා සහ සහෝදරයන් සමඟ එකම නිවසක ජීවත්ව ඇති අතර. මීට වසර කිහිපයකට පෙර සිදු වූ රිය අනතුරකින් ඔහුගේ පාදයක් ඉවත්කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
දිනපතා බීමතින් නිවසට පැමිණෙන මෙම පුද්ගලයා කලක සිට සිය මවට, පියාට, සහෝදරයින්ට පහර දෙන බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
ඊයේ (05) රාත්‍රියේ දීත් බීමතින් නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා මවට පහරදීමට යාමේ දී ඊට පියා මැදිහත්ව ඇති අතර, එහිදී පියා විසින් ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම පහරදීමෙන් නිවස තුළ දීම අදාළ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද (06) දිනයේ දී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ තැන්පත්කර තිබෙනවා.





















මේවගෙ කාලකන්නි දරුවොන්ට කරන්න් පුලුවන් හොදම දඩුවම තමයි තාත්ත දීල තියෙන්නෙ.
Kegalle mama.mage sahodarayath oya wagema kenek kisi wenasak ne ganja gahala track out wela ammagen salli illala hamada eyata gahanawa kawru hari udaw karannko eyawa adhala thanakata yomu karanna angoda hospittle ekata.
Drama piyanta nosalakana daruwan karaganne loku pawak thaththa paw
මෙම පියා කෙසේ හෝ ගලවා ගන්න.ඔහු අහිංසක මනුෂ්‍යයෙකි
පුතා දරුණු කාලකන්නියෙකි.