spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිගන මරණයට පත් වූ ව්‍යාපාරිකයාගේ මරණ පරීක්ෂණයේදී තවත් තොරතුරු හෙළි වෙයි

දිගන නගරයේදී වෙඩි තබා ගෙන මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (නොවැ. 17දා) මහනුවර ජාතික රෝහලේදී පැවැත්විණි.

මෙම මරණය නිකට යටින් තබන ලද ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් මොළේ පසාරු කරගෙන යාමෙන් ඇති වූ තුවාල නිසා රුධිර වහනය වීම හේතුවෙන් ඇති වූ මරණයක් බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුබ්‍රමනියම් මහතා නිගමනය කොට ඇත.

දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‍ මංගල ගුණවර්ධන නමැති අය ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තුළදී වෙඩි තබා ගැනීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් ඔහු මිය ගියා.

තිදරු පියෙකු වන ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොළියට ලබා දීමට අමතරව ව්‍යාපාර රැසක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථාවේදී කාර්යාලය තුළ ඔහුගේ සේවිකාවන් දෙදෙනකු හා රියැදුරු සිට ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?