spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැල්වූ රතු එළියත් සමඟ ශකීබ් අඩියක් පස්සට ගනී

බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් Betwinner News නම් ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ ඇතිකරගත් අනුග්‍රහක ගිවිසුමෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඔට්ටු ඇල්ලීමේ සමාගමක් සමඟ ඇති සම්බන්ධය අවසන් නොකළහොත් ශකීබ්ට නැවත කිසි දිනෙක බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන බව එරට ක්‍රිකට් සභාපති ප්‍රකාශ කර තිබෙනවා.

අදාල අනතුරු ඇඟවීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ශකීබ්ට ලිඛිතව යොමුකර ඇති බවටයි වාර්තා වුණේ.

එම අනතුරු ඇඟවීමත් සමඟ ඔහු අදාල අනුග්‍රහක ගිවිසුමෙන් මෙලෙස ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔට්ටු ඇල්ලීමේ සමාගමක් ප්‍රවර්ධනය කරන පොස්ටුවක් පසුගිය සතියේ ශකීබ් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණා.

ඒ, සම්බධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?