දැරියක් දූෂණ කළ බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යෂ් දයාල්ට චෝදනාවක්

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන අයි.පී.එල් ක්‍රීඩක යෂ් දයාල්ට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

වයස අවුරුදු 17ක දැරියකට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ට මෙලෙස චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජායිපූර්හිදී යෂ් දයාල්ට එරෙහිව නඩු පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මොහු විසින් අදාළ බාලවයස්කාර දැරිය බ්ලැක්මේල් කරමින් වසර දෙකක කාලයක් ඇයව දූෂණය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ක්‍රිකට් වෘත්තියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් දයාල් ඇයව සිතපුර හි හෝටලයකට ආරාධනා කළ බවට අනාවරණය වී ඇති අතර, එහිදී ඇයට පළමු ලිංගික අතවරය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර විවාහය මුවාවෙන් කාන්තාවක් ලිංගිකව සූරාකෑම සම්බන්ධයෙන් දයාල්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එම සිදුවීමට දයාල්ව අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් අලහබාද් මහාධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16