දස හැවිරිදි දැරියකට හදිකළ මහල්ලා රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 10ක දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන සැකකරුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනගාර ගතකර ඇත්තේ බදුල්ල, දෙයියන්නේවෙල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමඟ පදිංචිව සිටි නිවසට යාබද නිවසක කුලී පදනම මත පැමිණ සිටි පවුලක දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ දැරිය සෑම දිනකම සවස් කාලයේ දී බුදුන් වැදීමට සැකකරුගේ නිවසට මල් ගෙනවිත්දීමට පුරුදුව සිට ඇති බවයි අනාවරණය වුණේ.

සැකකරුගේ බිරිඳ නිවසේ නොසිටි දිනයක දැරිය මල් රැගෙන නිවසට පැමිණි අවස්ථාවේ දී සැකකරු විසින් ඇයට මෙලෙස අතවර කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32