spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දස හැවිරිදි දැරියකට හදිකළ මහල්ලා රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 10ක දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන සැකකරුවෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනගාර ගතකර ඇත්තේ බදුල්ල, දෙයියන්නේවෙල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමඟ පදිංචිව සිටි නිවසට යාබද නිවසක කුලී පදනම මත පැමිණ සිටි පවුලක දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ දැරිය සෑම දිනකම සවස් කාලයේ දී බුදුන් වැදීමට සැකකරුගේ නිවසට මල් ගෙනවිත්දීමට පුරුදුව සිට ඇති බවයි අනාවරණය වුණේ.

සැකකරුගේ බිරිඳ නිවසේ නොසිටි දිනයක දැරිය මල් රැගෙන නිවසට පැමිණි අවස්ථාවේ දී සැකකරු විසින් ඇයට මෙලෙස අතවර කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
1
+1
0
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?