අභාවප්රාප්ත රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.අනතුරුව ඒ මහතාගේ දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස පිහිටි රක්වාන ප්රදේශයට රැගෙන ගියේය.
ඊයේ සිට ඒ මහතාගේ දේහය මහජන ගෞරවය දැක්වීම සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර එම ස්ථානයට දේශපාලනඥයන්, රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.













