දනීෂ් අලි ඇතුලු 3ක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකරීන් වන අනුරුද්ධ බණ්ඩාර, ඩානීෂ් අලි සහ උදාර නදීෂ් නම් පුද්ගලයන් තුන්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුරදීයි.

අරගලය ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම වෙනුවෙන් අරගලයේ ක්‍රියාකාරීන් විසින් අද මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ සැමරුමක් සංවිධාන කර තිබුණා.

මේ හේතුවෙන් මිරිහාන පොලිසිය වෙත පොලිස් නිලධාරීන් 1500ක් ඇතුලු ආරක්ෂක සාමාජිකයන් 3000කින් සමන්විත විශේෂ බල ඇණියක් ද කැඳවා තිබූ බවයි වාර්තා වුණේ.