දඬුවම ලිහිල් කර ගෙදර යවන්න – හිරුණිකා අභියාචනයකින් ඉල්ලයි

තමන්ට නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාර දී තිබෙනවා.

එම තීන්දුවට එරෙහි ව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම මේ මස 4 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීටම නියමිතයි.

2015 වසරේ දී දෙමටගොඩ පිහිටි වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවීම, බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, තර්ජනය සහ බිය ගැන්වීම ආදී චෝදනා 18ක් යටතේ අධිකරණය හමුවේ හිටපු මන්ත්‍රිනී හිරුණිකා අධිකරණයෙන් වරදකරුවෙකු බවට තීරණය කළා.

එම සිදුවීමට අදාළවයි හිරුණිකාව තුන් වසරකට බරපතළ වැඩ සහිත ව සිරගත කරනු ලැබුවේ.

  1. කෝ චන්ඩි කතා, වරෙං රනිල් එලියට කියලා අරගලය කාලේ කතාකලා මතක නැද්ද .රන්ජා , සජිත් කෝ

  2. I think if she accept the fault…should be considered to release her considering her family life…after paying considerable compensation to agrieved party i feel prisoners count should be minimised and released except social



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43