දක්ෂිණ අධිවේගී සේවා පියසක දී මොටෝරියක් ගිනිබත් වෙයි (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට දිවෙන මග පිහිටි සේවා පියසේ දී ඊයේ (14) රාත්‍රී 8.15ට පමණ මෝටර් රථයක් හදිසියේම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිමා දැමුව ද, ඒ වනවිටත් රථය මුළුමනින්ම අළු වී ඇති බවයි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.