තෙල් මිල පහළ යෑමෙන් සංස්ථාවට ඩොලර් මිලියන 300 ක ඉතිරියක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ගැටළු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පවතින හැකියාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බව රාජ්‍ය ගිණුම් කාරක සභාව ඊයේ නිර්දේශ කළා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව එහිදී සැළකිල්ලට ගත් අවස්ථාවේදියි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සඳහන් කළේ රුපියල් මිලියන 1,524 ක් වැය කර අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එය පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30