spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල පහළ යෑමෙන් සංස්ථාවට ඩොලර් මිලියන 300 ක ඉතිරියක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහළ යාම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පසුගිය වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවූ බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ගැටළු සහගත කාරණා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව තම මතය ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට පවතින හැකියාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණයකට එළඹිය යුතු බව රාජ්‍ය ගිණුම් කාරක සභාව ඊයේ නිර්දේශ කළා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව එහිදී සැළකිල්ලට ගත් අවස්ථාවේදියි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේධ පෙරේරා සඳහන් කළේ රුපියල් මිලියන 1,524 ක් වැය කර අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එය පසුගිය රජය සමයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?