තීරණාත්මක තරගයක් අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරගයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.

අයර්ලන්තය සමග එය පැවැත්වෙන්නේ බුලවායෝහිදී යි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ මූලික වටයේ සහභාගී වූ තරඟ දෙකම ජය ගනිමින්.

අයර්ලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වන තරඟයට අද ක්‍රීඩා කරනු ලබන්නේ මීට පෙර පැවති තරඟ දෙකම පරාජයට පත්ව ඇති පසුබිමක් තුළයි.

ශ්‍රී ලංකාව සමග අද පැවැත්වෙන තරගය පරාජයට පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අද පැවැත්වෙන්නේ වසර 7කට පසුවයි.

දෙරට අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර එම තරග 4ම ජය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව ද සඳහන්.

මේ අතර ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තවත් තරඟයක් ද අද දහවල් 12.30ට බුලවායෝ හිදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14