තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17යි – ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට

වසර තිහකට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වැනි දින නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ ත්‍රස්ත සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, ශ්‍රී ලංකා රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ වසර තිහකට අධික කාලයක් මුළු රටම වෙලාගෙන සිටි කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.

එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා 1975 වසරේ ජුලි 27 වනදා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය මෙරට යුද්ධය ආරම්භ කළා.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් මෙරට ජනතාවගේ ජීවිත රැසක් විනාශ කිරීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපොළ වැනි මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මර්මස්ථානවලට ද ප්‍රහාර එල්ල කරමින් රට විනාශයකට ඇද දැමීමට උත්සාහ කළා.

නැගෙනහිර ගොවි ජනතාවගේ වගාවන් සඳහා ජලය රැගෙන ආ ප්‍රධාන ජල මාර්ගය වූ මවිල්ආරු සොරොව්ව වසා දැමීම තුළින් එල්.ටි.ටි.ඊ.නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය තවදුරටත් තහවුරු වුණා.

මවිල්ආරු සොරොව්ව එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින්ගෙන් මුදාගැනීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ආරම්භ කළ මෙහෙයුමෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අවසන් මෙහෙයුම ආරම්භ කළා.

එහිදී විරෝධාර රණවිරුවන් සේනාංක 08ක් මාර්ග අටක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් එල්.ටි.ටි.ඊ.ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට කටයුතු කළ අතර, ඉන් බේරීම සඳහා කුරුරු එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවල ජීවත් වූ අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් විරෝධාර හමුදාව සමඟ සටන් කිරීමටයි කටයුතු කළේ.

ඒ, අනුව යුද්ධයට අමතරව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මානූෂිය මෙහෙයුම් ද ආරම්භ කරමින් රණවිරුවන්, අහිංසක සිවිල් වැසියන් ත්‍රස්තයින්ගෙන් මුදාගැනීමට ද කටයුතු කළා.

මෙම මානුෂිය මෙහෙයුමේ අවසානය 2009 මැයි 18 වනදා අවසන් වන්නේ ත්‍රස්ත නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී විරෝධාර හමුදාවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.

ඒ, අනුව වසර තිහකට වැඩි කාලයක් පැවති ශාපලත් යුද්ධය නිමාවට පත් වෙමින් ශ්‍රී ලංකා මාතාවට සැබෑ නිදහස අත්කරදීමට විරෝධාර රණවිරුවන්ට හැකියාව ලැබුණා.

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය, හෙට (19) දිනයේ සේනාධි නායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බවයිරණවිරු සේවා අධිකාරිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15