ත්‍රිරෝද රථගාලක මිතුරන් දෙදෙනෙක් අතර ගුටි කෙළියක් – අයෙක් මරු වැළඳගනී

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථගාලක මිතුරන් දෙදෙනෙකු අතර, ඊයේ (24) පස්වරුවේ ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් අයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අශීස් මොහොමඩ් අක්‍රම් නැමැති 46 හැවිරිදි පුද්ගලයෙක් බවයි පානදුර උතුර පොලීසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථගාලේ ත්‍රිරෝද රථයක් ගාල් කිරීමට ඉඩ ලබාගැනීමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් ගරුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එහිදී එක් අයෙක් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කිරීමේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයා පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.