ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය අද දහවල් වනවිට යථා තත්ත්වයට

කන්තලේ – අග්බෝපුර ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියක් ඊයේ (07) දහවල් පීලි පැනීමෙන් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුව තිබුණා.

මෙලෙස හානියට පත් වූ දුම්රිය මාර්ගය තව පැය කිහිපයකින් යථාතත්වයට පත්කළ හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම අනතුරට පත් දුම්රිය ද මේ වනවිට පීලි ගතකර අවසන් බවයි වාර්තා වන්නේ.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් මෙලෙස පිලි පැනීමට ලක්වූ අතර, මෙම අනතුරෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

තුවාල ලැබූවන් අතර දුම්රියේ නියමකවරුන් දෙදෙනා ද සිටින බවයි වාර්තා වුණේ.

මෙම අනතුර හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57