තවත් ගෑස් නෞකාවක් එයි : ගෑස් බෙදාහැරීම ගැන දැනුම් දීමක්

ලිට්‍රෝ සමාගම විසින් අද දිනයේ ද ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව එම සමාගමේ ජේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

ගෑස් නෞකා 03ක් අද, අනිද්දා සහ සිකුරාදා යන දිනවල මෙරටට පැමිණෙන බවත් මෙම නෞකා 03න් ගෑස් මෙට්ට්‍රික් ටොන් 11,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බවයි එම නිලධාරියා සඳහන් කර සිටියේ.

අද පැමිණීමට නියමිත නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බවත් එම නෞකාව සඳහා මුදල් ගෙවා ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

නෞකාව පැමිණීමෙන් පසු කඩිනමින් ගෑස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් ඉකුත් දිනවල මෙන්ම ඊයේ දිනයේද රට පුරා ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දක්නට ලැබුණා.