තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සදහා පැමිණ කූඩාරමක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (06) රාත්‍රීයේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම පුදගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 44 හැවිරිදි වියේ පසු වූ අයෙක්.
ඔහු පවුලේ ඥාතීන් සමඟ තලවිල දේවස්ථාන භූමියට පැමිණ තිබුණේ ඉකුත් තුන් වනදා බවයි වාර්තා වුණේ.
කොළඹ 14, දුම්රිය පටුමඟ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
9
+1
1
+1
1













