තෙල්දෙණිය පොලිස් වසමේ බඹරගල ප්‍රදේශයේ දී වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු දියේ ගිලී තිබෙනවා.
එම අවස්ථාවේ එක් තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
දියේ ගිලුනු අනෙක් තරුණයින් තිදෙනාගේ මළ සිරුරු මහනුවර පොලිස් ජිවිතාරක්ෂක ඒකකය, මාබේරියතැන්න ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබෙනවා.
ඊයේ (17) දහවල් සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 18, 20 හා 21 වයස්වල පසුවූ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
මෘත ශරීර තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













