තරගයක් අතර තුර තමිම් ඉක්බාල්ට හෘදයාබාධයක්

බංගලාදේශයේ හිටපු ක්‍රිකට් නායක තමිම් ඉක්බාල්ට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඔහු මේ වනවිට බංග්ලාදේශයේ ෆාසිලතුන්නේසා රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මොහොමඩ් ක්‍රීඩා සමාජය සහ ෂයිනපුකූර් ක්‍රිකට් සමාජය අතර පැවැති දේශීය එක්දින තරගයක් අතරතුර ඔහු මෙලෙස හෘදයාබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

“ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් අප වෙත පැමිණියා. අපට එය හෘදයාබාධයක් ලෙස හැඳින්විය හැකියි, පසුව අපි අවහිරතාවය ඉවත් කිරීම සඳහා ඇන්ජියෝග්‍රෑම් සහ ඇන්ජියෝප්ලාස්ටි සිදු කළා. වෛද්‍ය ක්‍රියා පටිපාටිය සුමටව සිදු වී තිබෙනවා. ඔහු දැනට නිරීක්ෂණයේ සිටිනවා. BKSP සහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අතර කඩිනම් සම්බන්ධීකරණය නිසා තමිම්ට ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට හැකි වුණා.” යනුවෙන් තමිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් වෛද්‍යවරු පැවසුවා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අද දහවල් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ද අවලංගු කර ඇති අතර, පාලක මණ්ඩලයේ සභාපති සහ අනෙකුත් සාමාජිකයින් තමිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට රෝහලට ගොස් සිටීම ඊට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00