spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීමට ගමනාගමන කොමිසම වැඩ අරඹයි

ඩීසල් මිල අවස්ථා දෙකක දී රුපියල් 25.00කින් අඩු කිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු කළ හැකි ප්‍රමාණයන් මේ වනවිට ගණනය කිරීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව එම ගණනය කිරීම්වලින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ගණනය කිරීම් සඳහා අනුමැතිය ලැබුණොත් එය ප්‍රකාශයට පත්කරන බව ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

ලංගම, පෞද්ගලික හා අන්තර් පළාත් යන සියලුම බස්රථවල ගාස්තු මෙමඟින් සංශෝධනයට ලක්වනවා.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 15.00කින් පහත දැමීමට ඛනිජතෙල් සංස්ථාව තීරණය කළා.

මේ අතර ඩීසල් මිල රුපියල් 15.00කින් අඩු කළ ද එහි වාසිය මගීන් වෙත ලබාදීම ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් අද (03) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?