ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීමට ගමනාගමන කොමිසම වැඩ අරඹයි

ඩීසල් මිල අවස්ථා දෙකක දී රුපියල් 25.00කින් අඩු කිරීම හේතුවෙන් බස් ගාස්තු අඩු කළ හැකි ප්‍රමාණයන් මේ වනවිට ගණනය කිරීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව එම ගණනය කිරීම්වලින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ගණනය කිරීම් සඳහා අනුමැතිය ලැබුණොත් එය ප්‍රකාශයට පත්කරන බව ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

ලංගම, පෞද්ගලික හා අන්තර් පළාත් යන සියලුම බස්රථවල ගාස්තු මෙමඟින් සංශෝධනයට ලක්වනවා.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 15.00කින් පහත දැමීමට ඛනිජතෙල් සංස්ථාව තීරණය කළා.

මේ අතර ඩීසල් මිල රුපියල් 15.00කින් අඩු කළ ද එහි වාසිය මගීන් වෙත ලබාදීම ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් අද (03) සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20