spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් අතුරු තහනම ගැන නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස නීතිපතිවරයා අද (06) දින අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද යලි කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම ඉල්ලීම කර සිටියා.

මෙම පෙත්සම් අද (09) දින අභියාචනාධිකරනය විනිසුරු ඩී.එන් සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබු අතර අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු දැක්වීම සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?