ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙසට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන රියාස් මියුලර් පත්කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ රැස්වූ ද සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් ලෙසට මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙසට මෙතෙක් කටයුතු කරනු ලැබුවේ රොහාන් ප්‍රනාන්දු මහතායි.

මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. සමාගමේ රජය සතු කොටස් විකිණීමට රජය ගෙන ඇති තීරණයට සභාපති රොහාන් ප්‍රනාන්දු විරෝධය පළ කිරීම ඔහු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවටයි අනාවරණ වන්නේ.

අලි රාජ් නම් ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීමට යන බවට ද මේවන විට වාර්තා පළ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55