spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙසට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන රියාස් මියුලර් පත්කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ රැස්වූ ද සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පනතට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් ලෙසට මෙම යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙසට මෙතෙක් කටයුතු කරනු ලැබුවේ රොහාන් ප්‍රනාන්දු මහතායි.

මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. සමාගමේ රජය සතු කොටස් විකිණීමට රජය ගෙන ඇති තීරණයට සභාපති රොහාන් ප්‍රනාන්දු විරෝධය පළ කිරීම ඔහු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවටයි අනාවරණ වන්නේ.

අලි රාජ් නම් ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලදී ගැනීමට යන බවට ද මේවන විට වාර්තා පළ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?