ටෙලිකොම් ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

ඒ අනුව එම පත් කිරීම අද (04) දිනයේ සිට ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

එම ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති ආචාර්ය මොතිලාල් විදෙස් රටවල් කිහිපයක සේවය කර තිබෙනවා.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ සහ මැලේසියා ආසිආටා සමාගමේ ඉහළ තනතුරු දැරූ අයෙක්.

  1. මේක නියමයි… ඔහු ටෙලිකොම් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් පෘථුල අත්දැකීම් තියන, නව ටෙලෙකොම් තාක්ෂණය ගැන ඉතාමක් දැනුමක් තියන කෙනෙක්.