අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව දේවගැති ජෙරම් ප්රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දී තිබේ.
දේවගැති ජෙරම් ප්රනාන්දුගේ පුද්ගලික ව්යාපාරයේ ගිණුම්, පුද්ගලික ගිණුම් යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිදට අයත් ගිණුම් මෙලෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී තිබෙනවා.
