spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවිත 35,000ක වැඩි සංඛ්‍යාවක් අහිමි කළ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18යි

රුදුරු සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18ක් සපිරෙනවා.

ඒ, වෙනුවෙන් අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද කටයුතු කර තිබෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ඇති වූ සුනාමි ව්‍යසනයට මෙරට මුහුදුබඩ දිස්ත්‍රික් 14ක් ගොඳුරු වුණා.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි රළ පහරින් අහිමි වූ මෙරට ජිවිත සංඛ්‍යාව 35,000කට අධිකයි.

මේ හේතුවෙන් සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වැනි දින “ජාතික සුරක්ෂිත දිනය”ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?