spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නානුඔය පොලිස් වසමට අයත් කැල්සි වතුයායේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක ප්‍රපාතයකට පෙරලිමෙන් ජිප් රථයේ රියදුරා ජිප් රථයටම යට වි මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නානුඔය කැල්සි වත්තේ පදිංචි ඩොමිනික් අසුනන් (21) හැවිරිදි එක්දරු පියෙකි.

එම වතුයායේ මියගිය අයෙකුගේ දේහය තැන්පත් කිරිම සදහා මිනි පෙට්ටියක් රැගෙන යාමට ජිප් රථය නුවරඑලිය දක්වා ධාවනය කර මිනි පෙට්ටිය රැගෙන විත් අවමංගල නිවසට භාර දි ආපසු රියදුරුගේ නිවස කරා ධාවනය කරමින් සිටින අවස්තාවේදි (16) දින රාත්‍රි 10 ට පමණ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවත්, (17) දින අළුයම එම වතුයායේ වතු කම්කරුවන් විසින් ඒ බව දැක පොලිසිය වෙත දැනුම් දි ඇති බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පෙරලුණු ජිප් රථයට යට වි රියදුරා මියගොස් ඇති බවත්, අධික ලෙස බිමත්ව සිට රියදුරා සිය බිරිද සමග අරවුලක් ඇති කරගෙන ජිප් රථය ධාවනය කර ඇති බවත් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවද නානුඔය පොලිසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?