spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික සභාවේ මංගල රැස්වීමේ දී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක්

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති ජාතික සභාවේ මංගල රැස්වීම අද (29) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වුණා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටයි.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද එක්ව සිටියා.

මේ අතර සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා ජාතික සභාව රැස්වීමට අද (29) පැවති රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.

ජාතික සභාවේ පළමු රැස්වීමේන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය ද ජාතික සභාවේ රැස්වීමට පැමිණ සිටි බවත්, මෙම සුබදායී පණිවුඩය ජාතික වශයෙනුත්, පාර්ලිමේන්තු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහ‍ාත්, ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුර‍ටත් තහවුරු වීම සඳහාත් විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?