ජාතික පුවත්පතක් වාර්තා කළ පාඩුව ගැන ලංවිම කට අරියි

ලංකා විදුලිබල මණ්ඩලයට මාස 04ක දී රුපියල් කෝටි 126ක් පාඩු බවට සඳහන් කරමින්, ජාතික පුවත්පතක් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද දින නිකුත් වූ මෙම ජාතික පුවත්පතෙහි සිරස්තලයක් ලෙස සඳහන් කර ඇති ” බාල ජෙනරේටර් පනහක් අරන් – ලංවිමට මාස 04ක දී කෝටි 126ක පාඩුවක්..” යන පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ලංවිම සඳහන් කරන්නේ මෙගාවොට් 01ක ධාරිතාවකින් යුත් ජෙනරේට 50ක් මිල දී ගැනීමට අදාළ ටෙන්ඩර් කැඳවීම 2016 නොවැම්බර් මස 18 වැනිදින සිදු වූ බවයි.

ඊට ටෙන්ඩර්කරුවන් 18ක් සිය යෝජනා ඉදිරිපත් කළ බව ද ලංවිම පෙන්වාදෙනවා.

එහි තෝරා ගැනීම් අනුව අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව 2017 නොවැම්බර් මස 10 වැනි දින ටෙන්ඩර් ප්‍රදානය සිදු කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

තාක්ෂණ ඇගයීම් කමිටු වාර්තාවලට අනුව අදාළ ප්‍රසම්පාදන සිදු කර, වඩාත් ම සුදුසු යැයි යෝජිත ටෙන්ඩර්කරු වෙත අමාත්‍ය මණ්ඩල අනුමත ප්‍රසම්පාදන කමිටු තීරණය අනුව 2017 වසරේ නොවැම්බරයේ එම සැපයුම්කරු වෙත ටෙන්ඩරය පිළිගැන්වුණු බවයි එම නිවේදනයේ සඳහන්.

2023 වසරේ වියළි කාලගුණ්‍ය පැවති වකවානුවේ දී අඛණ්ඩ ව විදුලි සැපයුමක් ලබාදීමට විදුලිය මිල දී ගැනීමට යෝජනා වූ බව ද ලංවිම පවසනවා.

නමුත් එම හදිසි විදුලිය මිලදී ගැනීම සිදු නොකර ඉහත ජෙනරේටර්වලින් 30ක් හම්බන්තොට ග්‍රිඩ් උපපොළ වෙත එක් කර මෙගාවොට් 30ක ධාරිතාවකින් යුතු බලාගාරයක් ස්ථාපනය කර එමගින් අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දුන් බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව හදිසි විදුලි මිල දී ගැනීමට පැය 24 පුරා අඛණ්ඩ ව විදුලිබල සැපයුමක් ලබාදීමට ලංවිම කටයුතු කළ බව ද මෙම නිවේදනය මගින් දැනුම්දී තිබෙනවා.

Screenshot 2023 11 06 183806


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43